කොරෝනා වසංගතය සහ ඔබේ දරුවා

Hesham Hamoda, MD, MPH
Staff Psychiatrist, Boston Children’s Hospital
Assistant Professor, Harvard Medical School

Translated to Sinhala by
Dr Maliththa Muwanwella (MBBS, FRANZCP)

කොරෝනා වසංගතය දැන් ලෝකයේ රටවල් විශාල ගනනක පැතිරෙමින් පවතියි. මුලු ලෝකයේම දරුවන් මිලියන ගනනක් මේ නිසා විවිද අයුරින් පීඩාවට පත් වී ඇත.

ඔබත් මේ පුවත්/ආරංචි නිසා ආතතියට පත් වී ඇතිද? ඔබ තනි වී නැත.
මේ අවස්තාවේ ඔබේ දරුවන් මත ඇතිවන පීඩාව අවම කිරීමට දෙමවුපියන් හා වැඩිහිටියන් ලෙස ඔබට කල හැකි සරල පිලිවෙත් කීපයකි පහල පෙල ගස්වා ඇත්තේ.

1. Reassure
දරුවන්ට ඔවුන්ගේ වයසට ගැලපෙන තරමට නිවැරදි තොරතුරුම කියා දෙන්න. ඔබ ඔවුන්ව ආරක්ශා කර ගන්නා බවට පොරොන්දු වෙන්න.
දැනට මේ වසංගතය ගැන අප දන්නා කරුනු අතර රෝගයට ගොදුරු වන දරුවන්ට වැඩිහිටියන්ට තරමට රෝග ලක්ෂන නොදැනෙන බවත් මේ වනතෙක් ලමා මරන වාර්තා වී නැති බවත් වැදගත් වේ.

2. Empower them
දරුවන්ට යහගුන සහ සමාජයට වැඩදායී වන හැටි උගන්වන්නට මෙය මහඟු අවස්තාවක් කර ගන්න. දරුවන් හැටියට, රට වෙනුවෙන්, අනෙක් පුරවැසියන් වෙනුවෙන්, රෝගයට එරෙහිව සටන් වදින සෞඛ්‍ය හමුදා සහ අනෙක් සේවකයන් වෙනුවෙන් කල හැකි දේ කතා කරන්න. පුලුවන් දේ කරන්න.

3. Maintain your own calm
ඔබ හැකි තරමට, හැකි හැම විටම සන්සුන්ව ඉන්න. ලමුන් ඔබ අනුකරනය සහ අනුගමනය කරනු ඇත. ඔබ ඔබ ගැන බලා ගැනීමත් ඉතා වැදගත්. එවිට ඔබේ සිතේ කලබල සහගත බව අඩු කර ගැනීමට සහ එමගින් දරුවන්ටද එසේ කිරීමට උදවු විය හැක.

4. Engage them
දරුවන් සමග පවුලක් ලෙස ආදරයෙන් කාලය ගත කිරීමට මේ හොඳම වෙලාවයි.
ඔවුන් ක්‍රියාකාරීව තබා ගන්න. මනසින් මෙන්ම කායිකව. දරුවන් ගෙදර වැඩට උදවු කර ගන්න. ඔවුන්ට අලුත් දේ උගන්වන්න. ඔවුන්ගේ ක්‍රීඩා ඔබ ඉගෙන ගන්න.
 

5. Manage their emotions
දරුවන්ගේ හැඟීම් දරා ගැනීමට/පාලනය කර ගැනීමට උදවු වෙන්න. මේ අවස්තාවේ පුංචි සිත් වලට ආතතිය, පීඩනය, බය, දුක, නොසන්සුන් බව සහ තව නොයෙක් හැඟීම් රැසක් දැනෙන්න පුලුවන්.
ඔවුන් සමග ඒ ගැන කතා කරන්න. ප්‍රශ්න කරන්න අවස්තාව දෙන්න. ඔවුන්ට මේ වෙලාවේ සහ මේ වසංගතය ගැන දැනෙන දේ, එයින් ඔවුන් පීඩාවට පත්ව සිටින හැටි ගැන අහන්න. සාමාන්‍යයෙන් දරුවෝ මෙවැනි දේ මුලින් කතා කරන්නේ යාලුවන් සමඟ. මේ වෙලාවේ එය හානිදායක වන්නත් පුලුවන්.
ඔබ හැමවිටම හැම දෙයටම උත්තර දැන සිටිය යුතු නැහැ. දරුවන්ට සවන් දීමම, කතා කිරීමම බොහෝ විට ප්‍රමානවත්.
ඔවුන්ට සිත සන්සුන් කර ගැනීමේ ව්‍යායාම් බාවනා ගැන උගන්වන්න. 

6. Beware
කොරෝනා පිලිබඳ තොරතුරු/ප්‍රවෘති බැලීම සීමා කරන්න.
සමහර තොරතුරු දරා ගැනීමට හා තේරුම් ගැනීමට ඔබේ පුංචි පැටියා මෝරා නැති වෙන්නත්, සමහර තොරතුරු අසත්‍ය වන්නත් පුලුවන්.

7. Educate them
දරුවන්ට යහපත් සෞඛ්‍ය පුරුදු ඉගැන්වීමට මෙය අවස්තාව කර ගන්න.
විවිද රැකියාවන් කරන අය වසංගතය මැඩ ලීමට ක්‍රියා කරන ආකාරය ගැන කතා කරන අතර දරුවාගේ අනාගත සිහින, බලාපොරොත්තු ගැනද කතා කරන්න. 

8. Routines
දින චරියාව
දරුවාගේ සහ සියලුම නිවැසියන්ගේ දින චරියාව හැකි තරම් නොවෙනස්ව පවත්වා ගන්න. මුලු පවුලටම කාල සටහනක් හදා ගන්න.
ක්‍රීඩා කිරීමටත් හොඳින් වතුර බීමටත් අමතක කරන්න එපා. පිරිසිඳු වාතය ගතත් සිතත් පිරිසිඳු කරයි.